නැගෙනහිර යුක්රේනයට රුසියානු බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් 30 දෙනෙකු තුවාල ලැබූ බව විදේශ පුවත් වාර්තා කළේය.
ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි අටක් සහ පරිපාලන ගොඩනැගිල්ලකට හානි සිදු වූ බව යුක්රේන හදිසි සේවා වාර්තා කළේය.
රුසියාව විසින් පාලනය කරනු ලබන ඩොනෙට්ස්ක් නගරයට වයඹ දෙසින් නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ ඩොබ්‍රොපිලියා නම් නගරයේදී මෙම ප්‍රහාරය සිදුවිය.