2025 අගෝස්තු 16 සෙනසුරාදා, 06:08
නවතම පුවත්

“යාපනේට පය තියන්න දෙන්නෙ නෑ” – සුමන්තිරන් ආණ්ඩුවට අනතුරු අගවයි

යාපනය ප්‍රදේශයේ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු වහා නතර කරන ලෙස ඉලංකෙයි තමිල් අරසු පක්ෂය රජයට දැඩිව පවසා තිබේ.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් එම්.ඒ.සුමන්තිරන් ඊයේ පැවැති එම පක්ෂයේ මැයි දින රැලියට එක්වෙමින් කියාසිටියේ ඉඩම් ඒවායේ මුල් අයිතිකරුවන්ට නැවත ලබාදෙන බවට රජය දුන් පොරොන්දු පාවා දෙමින් සිටින බවයි.

ජනතාවගේ ඉඩම් ආපසු ලබාදෙන බවටත්, හමුදාව සතුව තිබූ ඉඩම් නිදහස් කරන බවටත් මැතිවරණ සමයේදී වත්මන් යාපනයේ ජනතාවට පොරොන්දු ලබාදුන් බව ඔහු එහිදී පැවසුවේය.

කෙසේවෙතත් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ ඉඩම් අත්පත් කරගැනීම ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ඉලංකෙයි තමිල් අරසු පක්ෂය දැඩි විරෝධය පල කරන බව ඔහු එම පක්ෂයේ ආධාරකරුවන් අමතමින් පැවසීය.

එමෙන්ම රජයේ ක්‍රියාකලාපය පිළිගත නොහැකි යැයි පැවසූ සුමන්තිරන්, ඉඩම් අත්පත් කරගැනීමේ ගැසට් පත්‍රය වහා ඉවත් කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

එසේ නොවුනහොත් රජයේ නියෝජිතයන්ට යාපනයට පය තබන්නට බැරි තත්ත්වයකට පත්කරන බවට ද ඔහු අනතුරු ඇඟවීය.

2025.03.28 දිනැති අංක 2430 ගැසට් පත්‍රයේ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනතේ 4 වැනි වගන්තිය යටතේ ඉංග්‍රීසි සහ සිංහල භාෂාවෙන් පමණක් මාස 3ක කාලයක් තුළ හිමිකම් නොලැබුණහොත් උතුරු පළාතේ ඉඩම් අක්කර 5,940ක් රජයේ ඉඩමක් ලෙස ප්‍රකාශයට පත්කරන බවට නිවේදනය නිකුත් කර ඇති බව ද ඔහු පැවසුවේය.

එමෙන්ම ඔහු රැස්ව සිටි පාක්ෂිකයන්ට පැවසුවේ, ඉඩම්වල හිමිකරුවන්ට මැයි 02 සිට නීතිමය සහය ඇතිව හිමිකම් ඉදිරිපත් කිරීමට සහාය වීම සඳහා නීතීඥයන් කණ්ඩායමක් සිටින බවයි

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories