නත්තල උදාවෙමින් තිබිය දී යාපනය මධ්‍යම බස් නැවතුම් පළේදී ලංගම බස් රථයක රියැදුරකු හා කොන්දොස්තරවරයකු 24 දා රාත්‍රී කඩුවලින් කපා බරපතල තුවාල සිදු කර තිබේ.
මේ ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ යාපනයේ සිට පසුදින උදෑසන කරෙයිනගර් බලා යාමට නියමිතව තිබූ ලංගම බස් රථයේ රියැදුරු හා කොන්දොස්තරවරයාය.
හිස්වැසුම් පැළඳ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි තුන්දෙනකු රියදුරු හා කොන්දොස්තර ආපන ශාලාවේ සිටියදී ඒ තුළට කඩා වැදී කඩුවලින් කපා පලා ගොස් තිබේ.
කඩු ප්‍රහාරයත් සමගම ඔවුන් දෙදෙනා ම බිම ඇද වැටී ඇති අතර අනෙක් බස් රථවල සේවකයින් පිරිසක් පැමිණ ඔවුන් දෙදෙනා රෝහල් ගත කර තිබේ. මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත. පොලිසිය ප්‍රකාශ කරන්නේ බොහෝ විට බස් ආරවුලක් මත ඇති වූ සිද්ධියකට පලිගැනීම පිණිස මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි. යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි