යාපනය – කොඩිකමම් ප්‍රදේශයේ කුඹුරක ගොවිතැන් කරමින් සිටි තරුණයෙකු ඊයේ (13) දින සිදු වූ පිපිරීමකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
කොඩිකාමම් පදිංචි 19 හැවිරිදි තරුණයෙකු මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි කොමිකමම් පොලීසිය සඳහන් කළේ.
එම තරුණයා සිය කුඹුරෙහි වැට සකස් කිරීම සඳහා පොළව හාරමින් සිට තිබෙනවා.
එහිදී සිදුවූ පිපිරීමකින් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
යුද සමයේදී වල දමන ලද බෝම්බයක් මෙලෙස පුපුර යන්නට ඇතැයි එම පිපිරීම සිදුවූ ස්ථානයට ගිය පොලීස් නිළධාරීන් සැක පළකරනවා.
පිපිරිම සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.