වියට්නාමයේ හැනෝයි නුවර පහත් බිම්වල වෙසෙන ජනතාවට ඉන් ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ යාගී සුළි කුණාටුවේ බලපෑමත් සමග හටගත් වර්ෂාපතනය හේතුවෙන් රතු ගංගාවේ ජල මට්ටම මේ වන විට ඉහළ ගොස් ඇති බවය.
මේ හේතුවෙන් හැනෝයි නගරයේ ඇතැම් පහත්බිම් ප්‍රදේශවලට ජල ගැලීම් හටගෙන තිබේ.
එමෙන්ම ආරක්ෂක හේතූන් මත හැනෝයි ප්‍රදේශයේ විදුලිය විසන්දි කිරීම් ද සිදුකර තිබේ