2025 අගෝස්තු 15 සිකුරාදා, 22:00
නවතම පුවත්

යල කන්නයට ප්‍රමාණවත් පොහොර පවතින බවට තහවුරුවක්

පොහොර මිල සම්බන්ධයෙන් විශේෂ දැනුම්වත් කිරීමක් ගොවිජන මන්දිරයේදී අද (02) පවත්වා තිබේ.

එහිදී පොහොර සමාගම් සමඟ සිදු කරන ලද සාකච්ඡාව අනුව යල කන්නය සඳහා ප්‍රමාණවත් පරිදි ඔවුන් සන්තකයේ පොහොර පවතින බව අමාත්‍යාශය විසින් තහවුරු කරගෙන තිබේ.

යල කන්නය සඳහා පොහොර අවශ්‍ය පරිදි තිබෙන බවත්, විශේෂයෙන් TSP පොහොර මෙන්ම ප්‍රධාන වශයෙන් භාවිත කරන යූරියා පෙර පැවති මිල ගණන් යටතේ පවත්වාගෙන යන බවට පොහොර සමාගම් සමඟ සිදු කරන ලද සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් සිය එකඟතාවය පළ කර තිබේ.

ඒ අනුව ලෝක වෙළඳපොළේ පොහොර මිල වැඩි වුවද, MOP පොහොර අවශ්‍ය පරිදි තිබෙන බවත්, පොහොර තොග අවශ්‍ය පරිදි පවතින බැවින් පොහොරවල මිල වැඩිවීමක් හෝ හිඟතාවයක් නොපවතින බවත් කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය පොහොර සංස්ථාවේ සභාපති තිලක් චන්ද්‍රකුමාර සේතුගේ මහතා සඳහන් කළේ, දැනට මෙම යල කන්නය සඳහා ප්‍රමාණවත් පොහොර තොග රට තුළ පවතින බවට ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් තහවුරු කර ඇති බවයි.

රාජ්‍ය පොහොර සංස්ථාව සතුව TSP පොහොර මෙට්‍රික් ටොන් 600ක් පවතින අතර, රට තුළ පවතින මුළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3200කට ආසන්න වන බවත්, MOP පොහොර යල කන්නයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඇති බව ද, රාජ්‍ය පොහොර සංස්ථාවේ සතුව ටොන් 15,000ක් සහ මුළු ප්‍රමාණය ටොන් 69000කට ආසන්න වන බව ද සභාපතිවරයා පැවසුවේය.

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 60,000ක් රට තුළ පවතින බවත්, තම සමාගම සතුව පවතින මෙට්‍රික් ටොන් 4000ක් ඇති බවත්, ඊට අමතරව තවත් මෙට්‍රික් ටොන් 5000ක් ඉදිරි සතියේදී මෙරටට ලැබීමට නියමිත බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම සභාපතිවරයා මෙහිදී පැවසුවේ පොහොර හිඟයක් පවතින බැවින් පොහොරවල මිල වැඩිවන බවට ව්‍යාජ පුවත් සංසරණය වීමට පටන් ගෙන ඇති බවත් එම ව්‍යාජ පුවත්වලට හසු නොවී සිටින ලෙස තමන් ගොවි ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත්ය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories