දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (21) එම අනතුරු සිදුව තිබුණේ කහවත්ත, වෙන්නප්පුව සහ තිරුක්කෝවිල් යන පොලිස් වසම්වලදීය.
පැල්මඩුල්ල – නෝනාගම මාර්ගයේ වැල්ලදුර ප්‍රදේශයේදී යතුරුපැදියක් වැසි සහිත කාලගුණය හේතුවෙන් මාර්ගයේ ලිස්සා ගොස් පෙරළී ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයක ගැටී සිදුවූ අනතුරනින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, සඳුන්ගම, බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර හලාවත – කොළඹ මාර්ගයේ කොලින්ජාඩිය ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගය හරහා ගමන්කළ යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, පෙරේරා මාවත, වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙක්.
අක්කරපත්තුව – පොතුවිල් මාර්ගයේ තම්බැට්ට පෙරිය ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.