සිසුවියන් 6 දෙනෙකුට අසභ්‍ය වීඩියෝ පෙන්වමින් අතවර කළ ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.ඊයේ සවස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අකෝලා හි පාසලක සේවය කළ ප්‍රමෝද් මනෝහර් සර්දාර් නමැති අයෙක්.සිදුවීම පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස් අධිකාරීවරයා සඳහන් කර තිබුණේ, ළමුන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කිරීමේ (POCSO) පනත යටතේ අදාළ ගුරුවරයාට නඩු පවරා ඇති බවයි.මෙම අතවර සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවේ තානේ හි ඉංග්‍රීසි මාධ්‍ය පාසලක පිරිසිදු කිරීමේ සේවකයකු විසින් සිව් හැවිරිදි දැරියන් දෙදෙනකුට ලිංගික අතවර කළ බවට වූ පුවත වාර්තා වී දින කිහිපයකට පසුවයි.එම සිදුවීම දැවැන්ත විරෝධතාවක් දක්වා වර්ධනය වූ අතර ඊයේ මහජනයා බද්ලාපූර් දුම්රිය ස්ථානයේදී මුම්බායි දුම්රිය මාර්ගය ද අවහිර කරමින් සිය විරෝධතාව පළකර තිබුණා