2025 අගෝස්තු 15 සිකුරාදා, 19:32
නවතම පුවත්

මෝදිගේ පැමිණීම නිසා රථවාහන ගමනාගමනය සීමා වන්නේ මෙහෙමයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තෙදින නිල සංචාරයක් සඳහා අද (4) මෙරටට පැමිණීමට නියමිත ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඒ හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ගමන් ගන්නා මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව ය.

ඒ අනුව, අද සවස 06:00 සිට රාත්‍රී 10:00 දක්වා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයකදී වසා තැබීමට කටයුතු කරනු ලබයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, හෙට (5) ගාලු මුවදොර, නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය යන ප්‍රදේශයෙන්හි මාර්ග අවස්ථා කිහිපයකදී වසා තැබීමට කටයුතු කරන බව ය.

එමෙන් ම, මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන තැනැත්තන්ට මෙම මාර්ග වසා තැබීම පිළිබඳ අවධානය යොමු කරමින් තමන්ගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙසට පොලිසිය වැඩිදුරට ත් දැනුම් දෙයි.

තව ද, අනිද්දා (6) උදෑසන 7:30ත් 10:30ත් අතර කාලයේදී අනුරාධපුර නගරය, ජය ශ්‍රී මහ බෝධිය සහ දුම්රියපොළ ආශ්‍රිත ප්‍රධාන මාර්ග වරින් වර වසා තැබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, එදින පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට අපහසුතාවයකින් තොරව තම කටයුතු සිදු කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස ය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories