2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
මේ වසරේ ජනවාරි මස 1 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,218ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය වෙත රු බි 382ක ප්‍රමාණයක් වෙන්කර ඇත.
රු බි 206ක මුදලක් , අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කර තිබේ.
එසේ ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් රු බි 412.9ක් වෙන් කෙරේ.
රු. බි 484.9ක මුදලක් , මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට වෙන්කර ඇත .
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සඳහා රු බි 83.8ක මුදල් වෙන්කර ඇත.
විසර්ජන පනත් කෙටුම්පත පහතින්,