දන්සැල් 4,125ක් පොසොන් පොහොය නිමිති කර ගනිමින් දිවයින පුරා මේ වන විට ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ පවසා සිටියේ ලබන සඳුදා දින පස්වරුව දක්වා දන්සැල් ලියාපදිංචි කිරීම සහ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන බවයි .
මේ දිනවල පැතිර යන බෝවන රෝග තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, දන්සැල් සංවිධායකවරුන්ට ඒ සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් ලබා දීමටද පියවර ගෙන ඇති බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.