මෙවර ඇසළ පෙරහර මංගල්‍ය ලබන අගෝස්තු 05 වනදා සිදුකරන සිව්මහා දේවාලවල කප් සිටුවීමේ මංගල්‍යයෙන් ආරම්භ කරන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා පවසනවා.
එතැන් සිට අගෝස්තු මස 05 වනදා සිට 09 වනදා දක්වා පුරා දින 05 ක් සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහර පැවැත්වෙනු ඇති.
අගෝස්තු මස 10 වනදා පළමු කුඹල් පෙරහර වීථි සංචාරය කරන අතර, අගෝස්තු මස 14 වනදා දක්වා කුඹල් පෙරහර 05 ක් පැවැත්වීමට නියමිතයි.
අගෝස්තු මස 15 වනදා පළමු රන්දෝලි පෙරහර වීථි සංචාරය කරන අතර, අගෝස්තු මස 19 වනදා අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කරනු ඇති.
පසුදා අළුයම ගැටඹේ තොටේදී දිය කැපීමේ මංගල්‍ය පවත්වා දිවා පෙරහරින් අනතුරුව මෙවර ඇසළ පෙරහර මංගල්‍ය අවසන් කෙරෙන බවයි දියවඩන නිලමේ නිලංග දෑළ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
entertoyment