කර්මාන්තකරුවන් සඳහා ඇප රහිතව ණය ලබා ගැනීමේ ක්‍රමවේදයක් මෙවර අයවැයෙන් හඳුන්වා දීමට නියමිත ය.
එලෙස ලබා ගන්නා ණය ගෙවීම ආරම්භ කිරීම සඳහා සහන කාලයක් ලබා දීමේ යෝජනාවක් ද අයවැයට ඇතුළත් කෙරේ.
මෙවර අයවැයෙන් මෙම යෝජනා දක්නට ලැබෙනු ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවැති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී ද පැවැසීය.
රටේ නිෂ්පාදනය වැඩි කිරීමෙන් රටට අවශ්‍ය විදේශ විනිමය උපයාගෙන පවතින ණය කන්දෙන් කොටසක් හෝ ගෙවීමේ හැකියාව ලබා ගැනීම සඳහා ජනතාව අවස්ථාව ලබා දී තිබෙන බව ද එම අරමුණ ඉටු කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
එම කාරක සභාව කැඳවා තිබුණේ දකුණු ආසියානු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය. අපනයන සංවර්ධන මණ්ඩලය ද මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ කර්මාන්තකරුවන්ට ලබා දිය හැකි සහනදායි වැඩපිළිවෙළවල් පිළිබඳව කර්මාන්තකරුවන් දැනුවත් කිරීම අවශ්‍ය බවය