මෙරට දරුවන්ට අදාළ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ පළ කර ඇති බව සඳහන් කරමින් ඇමරිකානු රජයේ සමාගමකින් පැමිණිලි රැසක් ඉදිරිපත් කර ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (18 වැනිදා) දන්වා සිටියේය.
ළමුන් සඳහා කටයුතු කරන ඇමරිකානු රජයේ NCMEC සමාගම මගින් ඊට අදාළ පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය එලෙස අධිකරණය වෙත දන්වා සිටියේය.
මෙරට ළමයින්ට අදාළව අන්තර්ජාලයේ අසභ්‍ය ඡායාරූප පළකිරීම් සිදුකර ඇති බව සඳහන් කරමින් ඇමරිකානු රජයේ සමාගම විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිලි 2 ක් පිළිබඳව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ති විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ කරුණු වාර්තා කළාය.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට මෙම පැමිණිලි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසයි.