මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලට පටහැනිව ‘මූල්‍ය’ යන වචනය භාවිත කිරීම සිදු නොකරන ලෙසට මහ ජනතාව වෙත තරයේ අවවාද කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව මුදල් සමාගමක් හෝ මුදල් ව්‍යාපාර පනතේ 10 (6) උප වගන්තියෙහි සඳහන් වන ආයතනයන් හැර වෙනත් තැනැත්තකු විසින් මහ බැංකුවේ පූර්ව හා ලිඛිත අනුමැතියකින් තොරව ‘මුදල්’, ‘මූල්‍යකරණය’ හෝ ‘මූල්‍ය’ යන වචනය තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ සැදුණු වචනයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් භාවිත නොකර යුතු බවද මහ බැංකුව දැනුම් දෙයි.
ඊට අමතරව, කිසිවෙකුගේ නමේ හෝ ව්‍යාපාරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස ‘මූල්‍ය’ යන වචනය භාවිත නොකරන ලෙස මහ බැංකුව මහ ජනතාව වෙත තරයේ අවවාද කරයි.
මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතට ගැනෙන අදාළ කොන්දේසි උල්ලංඝණය කරන හා ඊට අනුකූලව කටයුතු නොකරන ඕනෑ ම පුද්ගලයෙකු මුදල් ව්‍යාපාර පනතේ 56(4) උප වගන්තිය ප්‍රකාරව වරදකරුවෙකු වන බව ද මහ බැංකුව වැඩිදුරට ත් ප්‍රකාශ කරයි.