ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) මුහම්මදු සරිෆු අබ්දුල් වාහිද් මහතා අද (ජූලි 08) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේදී ඔහු දිවුරුම් දීම සිදු විය.
මෙම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වූයේ SLMC පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මදු සාලි නලීම් මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟයි.