2025 අගෝස්තු 16 සෙනසුරාදා, 01:52
නවතම පුවත්

මුතුරාජාගේ දළ කපන්න සූදානම් වෙයි

ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට රැගෙන ගිය 29 හැවිරිදි ප්ලයි සක් සූරින්ගේ (මුතුරාජා) ඇතාගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා සත්වයාගේ දළ කපා දැමීමට ලම්පෑන්ග් හි තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු සැලසුම් කරති.

මෙම තීරණය ගෙන ඇත්තේ ඇතාගේ දිගු හා බර දළ යුගල උගේ දෛනික කටයුතුවලට බලපෑම් කිරීමට පටන් ගැනීමෙන් පසුව, විශේෂයෙන් කඳුකරයේ සැරිසැරීමේදී හෝ බාධක මඟහරවා ගැනීමේදී දළ බිම ඇදගෙන යෑම සහ දළ හේතුවෙන් සත්වයාගේ හිස එසවීම අපහසු වීම නිසාය.

පශු වෛද්‍ය වරංකානා ලන්කාපින් බ්‍රහස්පතින්දා (නොවැ 21) ප්‍රකාශ කර ඇත්තේ, ඇත් දළවල බර අඩුකිරීමේ හැකියාව පිළිබඳව කණ්ඩායම විශේෂඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින නමුත් ඕනෑම තීරණයක් සඳහා ආයතන කිහිපයක සාකච්ඡා සහ අනුමැතිය අවශ්‍ය වන බවයි.

මුතු රාජාගේ ඉදිරිපස වම් පාදයේ ආබාධයක් හේතුවෙන් ගමන් කිරීම දුෂ්කර වූ අතර, ඊට අඛණ්ඩ භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් තත්වය දියුණු වෙමින් පවතින බව ද වරංකානා පවසා ඇත.

ශ්‍රී ලංකාව තුළ මුතුරාජා ලෙස පොදුවේ හැඳින්වෙන ප්ලයි සක් සූරීන්, දශක දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේදී ආගමික පෙරහැරවලට සහභාගිවෙමින් සහ නොසළකා හැරීම්වලට ලක්වීමෙන් තුවාල ලබා සිටියේය.

2001 දී තායිලන්තය ශ්‍රී ලංකාවට තෑගි කළ අලි ඇතුන් කිහිප දෙනා අතර මුතුරාජාද විය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories