මහනුවර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මීමුරේ වෙත විනෝද චාරිකා සහ අනෙකුත් අවශ්‍යතා සඳහා පැමිණීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබේ. මෙම තීරණයට හේතුව වී ඇත්තේ හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ පිහිටි කයිකාවල පාලමේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතරතුර ඇති වූ හදිසි ආපදා තත්ත්වයකි.
පාලමේ අළුත්වැඩියා කටයුතු සිදුවෙමින් පැවති අතරතුර හදිසියේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පාලම හරහා වාහන ධාවනය කිරීම සම්පූර්ණයෙන් තාවකාලිකව අත්හිටුවා ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින්, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පාලම යථා තත්ත්වයට පත් කරන තුරු මීමුරේ සංචාරය සඳහා පැමිණීමෙන් වළකින ලෙසයි. මෙම තහනම මීමුරේ ගම්මානයට ප්‍රවේශ වීමට අපේක්ෂා කරන සියලුම සංචාරකයින්ට සහ අනෙකුත් අයට බලපානු ඇත.
පාලමේ අළුත්වැඩියා කටයුතු කඩිනමින් සිදුකිරීමට පියවර ගෙන ඇති අතර, හැකි ඉක්මනින් එය නැවත විවෘත කිරීමට අපේක්ෂා කරන බවට බලධාරීන් දැනුම් දෙයි. අලුත් තොරතුරු ලැබුණු වහාම ඒවා ප්‍රසිද්ධියට පත් කරන බව ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසා සිටී.