2025 අගෝස්තු 15 සිකුරාදා, 02:13
නවතම පුවත්

මිහිඳු මාවත ළමා හා මාතෘ සායනය සඳහා වායු සමීකරණ හා විදුලිය වසර තුනක් ඇනහිටී.

දෙහිවල ගල්කිස්ස නගර සභාව, රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් පාලනය වන මිහිඳු මාවත ළමා හා මාතෘ සායනය සඳහා වායුසමීකරණ යන්ත්‍රය සඳහා විදුලිය වසර තුනක සිට ලබා නොදීම නිසා වායුසමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක නොවීමෙන් සේවය ලබා ගැනීමට සතිපතා පැමිණෙන මව්වරු, ළමයි, කාර්ය මණ්‌ඩලය ආපහසුතාවලට ලක්වී වරු ගණන් ගතකිරීමට සිදුවී ඇතැයිද මව්වරු චෝදනා කර සිටිති.

මෙහි සාමාන්‍යයෙන් විශාල පිරිසක් සේවා සඳහා පැමිණෙන බැවින් ඔවුන්ගේ පහසුව සඳහා මව්වරුන්ගේ ඉල්ලීමක් මත ව්‍යාපාරිකයකු විසින් නොමිලයේම මෙම වායු සමීකරණ යන්ත්‍රය සවිකර වසර තුනකටත් වැඩි කාලයක් ගතවී ඇති අතර, අවස්ථා කීපයකදී විදුලිය ඉල්ලා සිටියත් ලබාදීම සිදුවී නොමැති බවත් මව්වරු චෝදනා කර සිටිති.

මේ පිළිබඳ දෙහිවල ගල්කිස්ස මහනගර සභාව නාගරික කොමසාරිස් එම්.එම්.සී. කේ.කේ. මාන්නප්පෙරුම මහතාගෙන් කළ විමසීමේදී මෙසේ පැවැසීය.මෙම ගොඩනැඟිල්ල සඳහා මේ වනවිට විදුලිය ලබාදී ඇත්තේ සිංගල් පේස්ට් විදුලිය වන අතර, නොමිලයේ වුවත් සවිකර ඇති විශාල වායුසමීකරණ සඳහා දැනට තිබෙන විදුලි පරිපථ භාවිත කළ නොහැකි බැවින් අධි විදුලි ධාරාවක් අවශ්‍ය මෙම යන්ත්‍රය සඳහා තෙකලා විදුලි පරිපථ සවිකළ යුතු වන අතර, ඒ සඳහා වායු සමීකරණයට වඩා වැඩි වැයක් නැවත වයරින් කිරීම සඳහා වැය වනු ලබනවා. ඒ අනුව විදුලි අධිකාරි වෙත උපදෙස් ලබාදී ඇත්තේ විශාල වායු සමීකරණ යන්ත්‍රය ඉවත්කර ඒ වෙනුවට දැනට ඇති සිංගල් විදුලියෙන් ක්‍රියාත්මක කරන කුඩා යන්ත්‍රයක් සවිකර විදුලිය ලබා දෙන ලෙසටයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories