2025 ජූනි 22 ඉරිදා, 00:36
නවතම පුවත්

මිලියන 3,825ක් ගෙවලා නුසුදුසු දුම්රිය එන්ජින් පහක් ගෙනැල්ලා

2019 දී ඉන්දියානු ණය සහන යටතේ ආනයනය කරන ලද රුපියල් මිලියන 3,825කට වඩා වටිනා M11 දුම්රිය එන්ජින් පහක් රත්මලානේ දුම්රිය දෙපාර්තමේන්තු වැඩබිමේ අලුත්වැඩියා කර නොමැතිව තිබෙන හෙළි වී තිබේ.

නිසි තාක්ෂණික ඇගයීමක් නොමැතිව ශ්‍රී ලංකාවට ගෙන එන ලද මෙම එන්ජින් මෙරට දුම්රිය මාර්ග සඳහා නුසුදුසු බව වාර්තා වේ.

වසර පහකට වැඩි කාලයක් ගෙවී ගොස් තිබුණ ද රුපියල් මිලියන ගණනක් වැය කර ගෙන්වූ, මෙරට දුම්රිය පද්ධතියට නොගැලපෙන එන්ජින් ආනයනය කිරීමේ වැරදි තීරණයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න සොයා බැලීම = සඳහා නිසි පරීක්ෂණයක් සිදු කර නොමැති බව ද දැනගන්නට තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පිළිබඳ ජාතික විගණන කාර්යාලයේ නවතම විගණන වාර්තාවට අනුව, 2019 දී රුපියල් මිලියන 765 බැගින් මිලදී ගත් M11 එන්ජින් 10න් පහක් සේවයෙන් ඉවත් කර අලුත්වැඩියා කිරීම සඳහා යවා ඇත.

M-class එන්ජින්වල පෙර මාදිලි හොඳින් ක්‍රියාත්මක වුවද, මෑත කාලීනව මිලදී ගත් ඒවා තාක්ෂණික දෝෂ වාර්තා කර ඇත.

2023 අවසානය වන විට, දුම්රිය දෙපාර්තමේන්තුවට M-class එන්ජින් 103ක් සහ S-class එන්ජින් 133ක් තිබිණි.

ඉන් M-class එන්ජින් 47ක් සහ S-class එන්ජින් 31ක් සේවයෙන් ඉවත් කර ඇති බව ප්‍රකාශ කර අලුත්වැඩියා කිරීම සඳහා යවා ඇත.

විගණන වාර්තාවෙන් තවදුරටත් හෙළි වී ඇත්තේ M-class එන්ජින් ඒකකයක් රුපියල් මිලියන 15 සිට රුපියල් මිලියන 765 දක්වා සහ S-class එන්ජින් රුපියල් මිලියන 8 සිට රුපියල් මිලියන 218 දක්වා පුළුල් මිල පරාසයක මිලකට මිලදී ගෙන ඇති බවයි.

M-class 47 සහ S-class 31 ඇතුළුව බොහෝ එන්ජින් අලුත්වැඩියා නොකර වසර 1 සිට 7 දක්වා කාලයක් ධාවනාගාරවල හෝ රත්මලාන වැඩබිමේ ගාල් කර ඇත.

ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත්තේ අනාගතයේ එන්ජින් මිලදී ගැනීම්වලදී මෙරට දුම්රිය යටිතල පහසුකම් සහ තාක්ෂණික අනුකූලතාවට ප්‍රමුඛත්වය දිය යුතු බවයි.

සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ සභාපති පී. විතානගේ මෙම එන්ජින් ආනයනය කිරීමේ තීරණය විවේචනය කර තිබේ.

අදාළ මිලදී ගැනීමේදී දෙපාර්තමේන්තුවට විශේෂඥ කමිටුවක් නොසිටි බව ඔහු පෙන්වා දුන්නේය.

මිලදී ගැනීමට පෙර ඉංජිනේරුවන් ඉන්දියාවට ගොස් සිටියද, දෙපාර්තමේන්තුව විසින් ඔවුන් නිල වශයෙන් පත් කර නොතිබූ බව විතානගේ පැවසීය.

එන්ජින් මිලදී ගැනීම සඳහා අවසාන තීරණය ගනු ලැබුවේ දෙපාර්තමේන්තුව නොව අමාත්‍යාංශය බව ඔහු තවදුරටත් පැවසීය.

මෙම එන්ජින් සඳහා අමතර කොටස් නොමැතිකම නිසා අලුත්වැඩියාවන් මිල අධික හා කාලය ගතවන දෙයක් බවට පත්ව ඇත.

එන්ජින් ගැටලුවලට අමතරව, ඉන්දියානු ණය සහන යටතේ ඩොලර් මිලියන 82.6කට (රුපියල් මිලියන 11,564) දුම්රිය මැදිරි 160ක් මිලදී ගෙන ඇති බව විගණන වාර්තාවෙන් හෙළි වී ඇත.

එම ව්‍යාපෘතිය එහි අරමුණු සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බව ද එහි දැක්වේ.

එක් මැදිරියක් ආනයනය කිරීම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය ඩොලර් මිලියන 0.3ක් වූ නමුත් අමතර ගාස්තු සහිතව, සත්‍ය පිරිවැය එක් මැදිරියකට ඩොලර් මිලියන 0.558 දක්වා ඉහළ ගොස් තිබේ.

මැදිරි 160න් 10ක් පමණක් පරික්ෂා කර ඇති තර, ඉතිරි 150 පරීක්ෂාවකින් තොරව ලබා ගැනීමට නිර්දේශ කර ඇත.

මෙම මැදිරිවල දිග, පළල සහ උසෙහි වෙනස්කම් ඇතුළුව තාක්ෂණික ගැටලු සොයාගෙන තිබේ.

මෙම ගැටලුව පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර පවසා ඇත්තේ එම එන්ජින් අලුත්වැඩියා සිදුකිරීමට තවමත් රඳවා ඇති අතර ඒවා ඉක්මනින් අලුත්වැඩියා කර දේශීය භාවිතයට යොදවන බවයි.
(The Sunday Morning)

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories