2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:12
නවතම පුවත්

මිලියන 260ක අති නවීන බෝට්ටුවක් අවභාවිතයට අරන් – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

රුපියල් මිලියන 260ක් පමණ වටිනා නවීන, අධිතාක්ෂණික බෝට්ටුවක් සම්බන්ධයෙන් වූ මූල්‍ය අලාභයක් පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.

වරාය අධිකාරියේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමනාකාරවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේ පෞද්ගලික විනෝද චාරිකාවක් අතරතුර බෝට්ටුවට හානි සිදුව ඇති බව ඔහු සඳහන් කරයි.

එම යාත්‍රාව පෞද්ගලික අවශ්‍යතා සඳහා භාවිත කිරීමට අවසර දී රාජ්‍ය දේපළ අවභාවිත කර ඇති බවත් පසුව සිද්ධිය වසන් කිරීමට ඔහු උත්සාහ කළ බවටත් මහවත්ත චෝදනා කරයි.

එම හානිය පිළිසකර කිරීමට මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැය කළ බවටද ඔහු හේමචන්ද්‍රට චෝදනා කර ඇත.

මෙම චෝදනා හමුවේ ඔහු වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ තනතුරකට පත්කිරීම පිළිබඳ ප්‍රශ්න කරන මහවත්ත, ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස රජයට බලකර සිටියි.

මහවත්ත පවසන්නේ යාත්‍රාව අලුත්වැඩියා කර ඇතත්, අනතුරෙන් පසුව එය භාවිතයට නොගෙන පවතින බවයි.

හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර මුහුදේ සිදුකළ විනෝද චාරිකාවක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බවත් ඊට වරාය අධිකාරියේ හිටපු සභාපති ජෙනරාල් දයා රත්නායකගේ පුත්‍රයාද සහභාගී වී ඇති බවත් මහවත්ත පවසයි.

එම යාත්‍රාවේ නිත්‍ය නියමුවා වෙනුවට අද්දැකීම් අඩු අයකු එම ගමන සඳහා යොදාගෙන තිබීම අනතුරට හේතු වීඇති බවට ද මහවත්ත වැඩිදුරටත් චෝදනා කරයි.

පැමිණිල්ල ගොනු කිරීමෙන් පසු මහවත්ත අවධාරණය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ මෙවැනි විෂමාචාරවලට විසඳුම් සෙවීමේ අවශ්‍යතාවයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories