මිල්ලනිය අරකාගොඩ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක හදිසියේ ගින්නක් හටගෙන තිබේ.
එම කර්මාන්තශාලාවේ බ්‍රෂ් නිෂ්පාදනය කරන බවත් ලෑලි පදම් කරන කාමරය තුළින් ගින්න හටගෙන ඇති බව මිල්ලනිය පොලිසිය පැවසුවේය.
හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දමා මැඩ පැවැත් වූ බව පොලිසිය සඳහන් කරයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.