2025 අගෝස්තු 15 සිකුරාදා, 10:45
නවතම පුවත්

මිල්කෝ – NLDB ඉන්දියාවේ අමුල්ට නොදෙන බවට රජය සහතික වෙයි

සීමාසහිත ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) සහ මිල්කෝ සමාගමට අයත් ගොවිපළවල් සහ කිරි බෙදාහැරීමේ මධ්‍යස්ථාන ඉන්දියාවේ අමුල් කිරි සමාගමට බදු දීමට පසුගිය පාලනාධිකාරිය කළ යෝජනාව ඉදිරියට ගෙනයෑමට රජය තීරණය කර නොමැති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පාර්ලිමේන්තුවේදී ඊයේ සහතික විය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මෙම සහතිකය ලබාදුන්නේය.

පසුගිය ආණ්ඩුව සියලුම NLDB ගොවිපළවල් සහ මිල්කෝ සමාගම අමුල් සහ වෙනත් විදේශීය සමාගමකට පැවරීමට උත්සාහ කළේය.

ඊට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ගොවි සම්මේලනයේ දැඩි ලෙස විරෝධය එල්ල කළේය.

රජයට අයත් මෙම වත්කම් අඩු මුදලකට විකුණා දැමීමේ සැලසුම නවතා ඇති අතර, ඒ කිසිවක් අදාළ යෝජිත ආයතන වෙත ලබා නොදෙන බවද ඔහු පැවසීය.

මෙම ආයතන සඳහා සඳහා සංවර්ධනය අවශ්‍ය බවත්, දේශීය ආයෝජකයන් සහ ව්‍යවසායකයන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව සොයාබැලීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වසරේ ජූලි මාසයේදී, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එක්ව, මිල්කෝ සහ NLDB සතු ගොවිපල දිගුකාලීන පදනමක් මත ඉන්දියාවේ අමුල් කිරි සමුපකාරයට බදු දීමට යෝජනා කරන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය.

මෙම යෝජනාවෙන් මිල්කෝ සහ NLDB ගොවිපළ වසර 99කට අමූල් සමාගමට බදු දීමට යෝජනා කර ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories