2026 මාර්තු 20 සිකුරාදා, 13:02
නවතම පුවත්

මිරිදිය සතුන්ගෙන් හතරෙන් එකක්ම වඳවීමේ තර්ජනයක

ගංගා, විල් සහ අනෙකුත් මිරිදිය ජලජ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන සතුන්ගෙන් හතරෙන් එකක් පමණ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ.

එම පර්යේෂණ අධ්‍යයනයේ සම-කර්තෘ සහ බ්‍රසීලයේ සියාරා ෆෙඩරල් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥ පැට්‍රීෂියා චාර්වෙට් පවසන්නේ ඇමසන් වැනි දැවැන්ත ගංගා බලවත් ලෙස පෙනෙන්නට තිබුණත් එම මිරිදිය පරිසරයන් ඉතා බිඳෙන සුළු බවයි.

ගංගා, විල්, පොකුණු, ඇළ දොළ, වගුරු බිම් සහ තෙත්බිම් ඇතුළු මිරිදිය වාසස්ථාන පෘථිවි තලයෙන් 1%කටත් වඩා අඩු ප්‍රමාණයක් ආවරණය කරයි.

එම මිරිදිය පරිසරයන්ගෙන් 10%කට ආසන්න ප්‍රමාණයක් සත්ව විශේෂවල පැවැත්මට සහාය දක්වන බව අධ්‍යයනයේ සම-කර්තෘ සහ එංගලන්තයේ සොබාදහම සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික සංගමයේ සත්ව විද්‍යාඥ කැතරින් සේයර් පවසයි.

මිරිදිය පරිසර පද්ධති මත පමණක් යැපෙන බත්කූරන්, මාළු, කකුළුවන් සහ අනෙකුත් සතුන් විශේෂ 23,500ක් පමණ පර්යේෂකයන් විසින් පරීක්ෂාවට ලක්කර ඇත.

පරිසර දූෂණය, වේලි ඉදිකිරීම, ජල නිස්සාරණය, කෘෂිකර්මාන්තය, ආක්‍රමණශීලී විශේෂ, දේශගුණික විපර්යාස සහ වෙනත් බාධා කිරීම් හේතුවෙන් සතුන්ගෙන් 24%ක් වඳවීමේ අවදානමට ලක්ව ඇති බව ඔවුන් සොයා ගෙන තිබේ.

ඒ අනුව එම විශේෂ අවදානමට ලක්විය හැකි, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති හෝ බරපතළ ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ලෙස ඔවුන් විසින් වර්ගීකරණය කර ඇත.

මෙම පර්යේෂකයන් පවසන පරිදි බොහෝ විශේෂ වඳවීමේ අවදානමට ලක්ව ඇත්තේ එක් තර්ජනයක් පමණක් නිසා නොව එකට ක්‍රියා කරන බොහෝ තර්ජන නිසාය.

නේචර් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම දත්ත පර්යේෂකයන් මිරිදිය විශේෂ සඳහා ගෝලීය අවදානම විශ්ලේෂණය කර ඇති පළමු අවස්ථාවයි.

පෙර අධ්‍යයනයන් ක්ෂීරපායින්, පක්ෂීන් සහ උරගයන් ඇතුළු ගොඩබිම් සතුන් කෙරෙහි අවධානය යොමු කර තිබිණි.

මෙම අධ්‍යයනයට සම්බන්ධ නොවූණ අයකු ලෙස ඩියුක් විශ්වවිද්‍යාලයේ සහ යුරෝපයේ පරිසර විද්‍යාඥ ස්ටුවර්ට් පිම් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ උතුරු අමෙරිකාවේ සහ යුරෝපයේ සෑම විශාල ගංගාවක්ම පාහේ වේලි බැඳීම හරහා දැවැන්ත ලෙස වෙනස් වී මිරිදිය විශේෂ අවදානමට ලක් කර ඇති බවයි.

දකුණු අමෙරිකාවේ පිහිටි විශාල ඇමසන් ගංගා පරිසර පද්ධතිය වනාන්තර විනාශය, ලැව්ගිනි සහ නීති විරෝධී රන් කැණීම් ආදියෙන් තර්ජනවලට මුහුණ දෙන බව චාර්වෙට් පවසයි.

වනාන්තර සුද්ද කර ගැනීමට සිදුකරන නීති විරෝධී ගිනි තැබීම් හේතුවෙන් නැගෙන අළුවලින් ගංගා දූෂණය වන අතර බලපත්‍ර රහිත රන් පතල්කරුවන් රසදිය ජලයට මුදා හරින බව ඇය පෙන්වා දෙයි.

“ඇසිඩ් හෝ තෙල් කාන්දුවක් වැනි දෙයකින් මුළු සත්ව විශේෂයකම නැති කරලා දාන්න හේතුවක් වෙන්න පුළුවන්. මොකද මෙම සතුන්ට යන්න වෙනත් තැනක් නැහැ.” යනුවෙන් ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories