2025 ජූනි 27 සිකුරාදා, 12:47
නවතම පුවත්

මියන්මාර් සයිබර් අපරාධ කඳවුරුවල රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා නිදහස්..!

මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකියන් 15 දෙනා (මෙතෙක් වාර්තා වූ) අද (06) මුදවාගනු ලැබූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය ලේකම් සකීෆ් සාම් මාධ්‍ය ප්‍රකාශයක් මගින් නිවේදනය කොට ඇත. ඒ තායිලන්ත රජය සම්බන්ධීකරණයෙන් මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය හා තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කළ මෙහෙයුමකිනි.

ඔහු තවදුරටත් පැවසූවේ, 15 දෙනාගෙන් යුතු ශ්‍රී ලාංකිකයන් පිරිස අද පෙරවරුවේ මියන්මාර තායිලන්ත දේශසීමාවේ මියාවඩි ප්‍රදේශයේ මීසෝට්හි දී තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපති විජයන්ති එදිරිසිංහ මහත්මිය වෙත තායිලන්ත බලධාරීන් විසින් භාර දෙනු ලැබූ බවයි. මෙම ශ්‍රී ලාංකිකයන් භාරගැනීමේ අවස්ථාවට තායිලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටි අතර, මෙම පිරිස මුදවාගනු ලැබුවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය මරිස් සන්ගම්පොන්ස්ටා (Maris Sangiampongsa) මහතා සහ මියන්මාර විදේශ කටයුතු අමාත්‍ය යූ තාන් ස්වේ (U Than Swe) මහතා සමඟ වරින් වර කළ දුරකථන සංවාදවල ප්‍රතිපලයක් අනුව වේ.

සයිබර් අපරාධ කඳවුරුවල සිර වී සිටි ශ්‍රී ලාංකියන් මුදවාගැනීමේ ක්‍රියාවලියට රාජතාන්ත්‍රිකව මැදිහත් වූ තායිලන්ත තානාපති කාර්යාලය, ප්‍රවාහන පහසුකම් සැලසූ සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර කාර්යාලය, සෙසු සුබසාධන පහසුකම් සැලසූ රාජ්‍ය නොවන ආයතන සහ තායිලන්ත හා මියන්මාර රජයන්ගේ කාර්යභාරය අමාත්‍ය විජිත හේරත් මහතා ඇගයීමට ලක් කළේ ය.

මීට පෙර ඉකුත් මාර්තු මස 18 වන දින මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 14ක් සහ 2024 දෙසැම්බර් 17 වන දින ශ්‍රී ලාංකිකයන් 27ක් මෙරටට ගෙන්වා ගනු ලැබූ බවද මෙමගින් නිවේදනය කරන ලදි.

නවතම පුවත්

web 07
වතු කම්කරු වැටුප් රු.1,700 දක්වා වැඩි කිරීමට රජයේ උත්සහයක්
වතු කම්කරු වැටුප්...
Web image new template new (1)-Recovered-Recovered
විශ්වවිද්‍යාල සිසුවෙකු අතුරුදහන්
කොළඹ වරාය නගරයේ...
Web image new template new (1)-Recovered-Recovered
නාමල් රාජපක්ෂගේ රුපියල් මිලියන 70 ක රග්බි ප්‍රවර්ධන නඩුව කල් යයි.
අද (27) පාර්ලිමේන්තු...
web 05
සමලිංගික විවාහය අපරාධයක් නොවේ පනත් කෙටුම්පත - ඉක්මනින් සම්මත කරන්න
සමලිංගික විවාහය...

උණුසුම් පුවත්

web 07
වතු කම්කරු වැටුප් රු.1,700 දක්වා වැඩි කිරීමට රජයේ උත්සහයක්
වතු කම්කරු වැටුප්...
web 05
සමලිංගික විවාහය අපරාධයක් නොවේ පනත් කෙටුම්පත - ඉක්මනින් සම්මත කරන්න
සමලිංගික විවාහය...
web 04
හිටපු අමාත්‍ය පිල්ලෙයාන්ට ඝාතන පහකට චෝදනා - CID පුළුල් විමර්ශන
හිටපු අමාත්‍ය පිල්ලෙයාන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
ජ'පුර බාහිර උපාධි සිසුන්ගේ හඬ: රජයේ අවධානයට!
පසුගිය දින කිහිපය...

දේශපාලන

web 07
වතු කම්කරු වැටුප් රු.1,700 දක්වා වැඩි කිරීමට රජයේ උත්සහයක්
වතු කම්කරු වැටුප්...
Web image new template new (1)-Recovered-Recovered
නාමල් රාජපක්ෂගේ රුපියල් මිලියන 70 ක රග්බි ප්‍රවර්ධන නඩුව කල් යයි.
අද (27) පාර්ලිමේන්තු...
web 05
සමලිංගික විවාහය අපරාධයක් නොවේ පනත් කෙටුම්පත - ඉක්මනින් සම්මත කරන්න
සමලිංගික විවාහය...
Web image new template new (1)-Recovered-Recovered
මාලිමා මන්ත්‍රී දෙදෙනෙක් පැහැර ගනියි
අද (27) ජාතික ජන...

Categories