මියන්මාර ඩීකේබී හමුදා ඒකකයක් සයිබර් අපරාධකරුවන්ගේ අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු නිදහස් කර තිබේ.
මේ පිළිබඳව විමසීමේදී, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ බේරාගත් පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන වෙත ගෙන යාමට කටයුතු යොදා ඇති බවයි.
තානාපතිනි ප්‍රභාෂිණී පොන්නම්පෙරුම ඇතුළු මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන්, සයිබර් වංචාකරුවන්ගේ ග්‍රහණයට හසු වී සිටින ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට උත්සාහ කරමින් සිටී.