2025 අගෝස්තු 16 සෙනසුරාදා, 00:10
නවතම පුවත්

මියන්මාරයේ මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් 32ක් බේරාගැනේ

මිනිස් ජාවාරමට ගොදුරු වී මියන්මාරයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් 32 දෙනකු සාර්ථක, සම්බන්ධීකරණ ක්‍රියාවලියකින් පසු ඊයේ බේරාගත් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය කියාසිටියේ, මුදාගත් ශ්‍රී ලාංකිකයන් සයිබර් අපරාධ මෙහෙයුම්වලට පොළඹවා ඇති අතර, ඔවුන් මිනිස් ජාවාරමට ගොදුරු වී ඇති බවයි.

ඔවුන් ඉක්මණින් ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සංක්‍රමණ සඳහා වූ අන්තර්ජාතික සංවිධානය (IOM) සමඟ සම්බන්ධීකරණය කරනු ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ තායිලන්තයේ හා මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරු මෙම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කර තිබේ.

ගලවාගැනීමේ මෙහෙයුමට සහායවීම සඳහා මියන්මාර සහ තායිලන්ත රජයන්ට කඩිනම් නියෝජිතයන් ඉදිරිපත් කරන ලෙසත්, ශ්‍රී ලංකා තානාපතිවරුන් මේ සම්බන්ධයෙන් අදාළ රජයන් සම්බන්ධ කර ගන්නා ලෙසත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පසුගිය සතියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කාන්තාවන් 08 දෙනකු සහ පිරිමි පුද්ගලයන් 24 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලාංකිකයන් 32 දෙනෙකු නොවැම්බර් 25 වන දින Mae Sot දේශසීමාව හරහා ආරක්ෂිතව රැගෙනවිත් ඇති අතර ඔවුන් තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් ඔවුන් පිළිගෙන තිබේ.

ඔවුන් දැන් තායිලන්තයේ තක් පළාතේ සිටින අතර ඔවුන්ගේ සුබසාධන අවශ්‍යතා සපයා ඇත.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories