මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ දී අද (26) උදෑසන 11ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.
වෙඩිතැබීමෙන් වයස අවුරුදු 36ක පමණ පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය. මිනුවන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගේ මිතුරෙකු බව අනාවරණය වෙයි.