මිනිස් වාසයට සුදුසු විය හැකි යැයි විශ්වාස කළ හැකි නව ග්‍රහලෝකයක් සොයාගැනීමට විද්‍යාඥයින් සමත්ව ඇති අතර ජීවයේ සැකැස්මට මුල්වන කුඩා අණු මෙම ග්‍රහයා මතින් හඳුනාගෙන ඇති බවට පවසන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය කණ්ඩායම එය නම් කර ඇත්තේ K2-18b ලෙසයි.
ප්‍රමාණයෙන් පෘථිවිය මෙන් දෙක හමාර ගුණයක් තරම් වන K2-18b ග්‍රහයා පෘථිවියෙන් සැතපුම් ට්‍රිලියන 700ක් දුරින් පිහිටා වෙනත් මන්දාකිනියක සූර්යයෙක් වටා පරිභ්‍රමණය වෙමින් පවතින අතර මෙම ග්‍රහයා සොයාගෙන තිබුණේ මෑතකදී ස්ථාපනය කෙරුණු ජේම්ස් වෙබ් දුරේක්ෂය මඟින් වේ.
සාගර ශාක ප්ලවාංග සහ බැක්ටීරියා ශ්වසනයේදී නිපදවෙන වායූන් වන ඩයිමෙතිල් සල්ෆයිඩ් සහ ඩයිමෙතිල් ඩයිසල්ෆයිඩ් අණු එම ග්‍රහයා වටා පිහිටි වායුගෝලයේ පවතින බැවින් එය සුබවාදී ලක්ෂණයක් බව විද්‍යාඥයින් පවසයි.