මිද්දෙණිය ඝාතනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ය.
පෙබරවාරි 18 වන දා රාත්‍රී කාලයේදී මිද්දෙණිය වීරකැටිය මාර්ගයේ, කඩේවත්ත හන්දියේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට හා ඔහුගේ දරුවන් දෙදෙනාට නාඳුනන පුද්ගලයින් විසින් වෙඩි තැබීමක් සිදු කරනු ලැබ තිබිණි.
වෙඩි තැබීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා සහ දරුවන් දෙදෙනා මිය ගියහ.