2025 ජූනි 27 සිකුරාදා, 09:50
නවතම පුවත්

මැද පෙරදිග ගැටුමෙන් ලංකාවට එල්ලවන අභියෝග හෙලිකරන්න අනුකමිටුවක්!

මැදපෙරදිග උණුසුම් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි අභියෝග හඳුනාගෙන, ඒවාට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර ඇති බව රජය නිවේදනය කරයි. මෙය, ඉදිරියේ ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා ගත් පූර්ව සූදානම් පියවරක් ලෙස සඳහන් වේ.
මෙම අනුකමිටුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ මැදපෙරදිග යුදමය තත්ත්වය සමීපව අධ්‍යයනය කිරීමයි. එහිදී, මෙම ගැටුමෙන් ශ්‍රී ලංකාවට බලපෑම් ඇතිවිය හැකි ක්ෂේත්‍ර මොනවාද, එම බලපෑම්වල ප්‍රමාණයන් කෙසේද යන්නත්, ඒ සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග මොනවාද යන්නත් පිළිබඳව පුළුල් සමාලෝචනයක් සිදු කරනු ඇත. අවසානයේදී, ඔවුන් විසින් අමාත්‍ය මණ්ඩලය වෙත සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම අනුකමිටුවට සහාය වීම සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත තවත් කමිටුවක් ද පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
අලුතින් පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සාමාජිකයන් පහත පරිදිය:

  • විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් (සභාපති)
  • වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න
  • වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ
  • බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි
    මෙම පියවර මගින් ශ්‍රී ලංකාවට මැදපෙරදිග අර්බුදයේ බලපෑම් අවම කර ගැනීමට හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

නවතම පුවත්

web 01
පළාත් කිහිපයකට අද තද වැසි, සුළං
පළාත් කිහිපයකට අද...
Web image new template new (1)-Recovered-Recovered
ශ්‍රී ලංකාව ගැන UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් දැක්වූ අදහස්
එක්සත් ජාතීන්ගේ...
Web image new template new (1)-Recovered-Recovered
වෙළෙඳපොළේ ලුණු මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිලට එකඟතාවයක්
ශ්‍රී ලංකා ලුණු...
00001
බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16ක් මාරු කරයි
බන්ධනාගාර මාණ්ඩලික...

උණුසුම් පුවත්

web 01
පළාත් කිහිපයකට අද තද වැසි, සුළං
පළාත් කිහිපයකට අද...
00001
බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16ක් මාරු කරයි
බන්ධනාගාර මාණ්ඩලික...
99
සෞඛ්‍ය ලේකම් ජූලි 08 දක්වා රිමාන්ඩ්
සෞඛ්‍ය අමාත්‍යංශයේ...
8
බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යයි. හේතුව සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමක්
බූස්ස බන්ධනාගාරයේ...

දේශපාලන

00001
බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16ක් මාරු කරයි
බන්ධනාගාර මාණ්ඩලික...
99
සෞඛ්‍ය ලේකම් ජූලි 08 දක්වා රිමාන්ඩ්
සෞඛ්‍ය අමාත්‍යංශයේ...
6
කිරි සම්බා හිඟයට විසඳුමක්: සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ
මෙරට වෙළෙඳපොළේ පවතින...
5
නිවිතිගල ප්‍රාදේශීය සභාවේ බලය සජබයට
රත්නපුර දිස්ත්‍රික්කයේ...

Categories