ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සහ ඊශ්‍රායලය අතර “සම්පූර්ණ සටන් විරාමයක්” නිවේදනය කර තිබේ.ඩොනල්ඩ් ට්‍රම්ප් තම Truth සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ නිවේදනය කර ඇත්තේ ඊශ්‍රාලය සහ ඉරානය අතර පූර්ණ සටන් විරාමයකට එකඟ වී ඇති බවයි.අදියර වශයෙන් මෙම සටන් විරාමය ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.සටහනේ මුලින්ම සැමට සුබ පැතුම් යැයි සටහනේ මුලින් සදහන් කර ඇති අතර පැය 6ක් ඇතුලත ඉරානය සහ ඊශ්‍රාලය සටන අවසන් කල යුතු බවයි.පූර්ණ සටන් විරාමය පැය 12ක් සම්පූර්ණ වූ විට යුද්ධය අවසන් වූ බව සැලකෙන අතර එය ඉරානය නිල වශයෙන් සටන් විරාමය ආරම්භ කිරීමයි.12 පැයේදී ඊශ්‍රාලය සටන් විරාමය ආරම්භ කරන අතර 24 පැයේදී දින 12ක් පුරා පැවති යුද්ධය නිල වශයෙන් අවසන් වන බව ඇමරිකානු ජනාධිපතිගේ සටහනේ සදහන් කර ඇත.තවදුරටත් එතුමා ප්‍රකාශ කරන්නේ සටන් විරාමය පවතින කාලයේදී දෙරට අතර සුහදතාවය සහ මෙම ගෞරවාන්විතය සැලකිය යුතු බවයි.එය ඒ ආකරයෙන්ම සිදු විය යුතු අතරත් ඉරානයට සහ ඊශ්‍යාලයට තමන් සුබ පතන බවත් වැඩි දුරටත් එම සටහනේ සදහන් කර ඇත.ට්‍රම්ප් සදහන් කරන්නේ මෙම යුද්ධය දින දොලහේ යුද්ධය ලෙස හදුන්වන බවයි.මෙය අවසන් කිරීම සදහා විදදරා ගැනීම ධෛර්ය බුද්ධිය තිබිය යුතු බවත් ඊශ්‍රාලය සහ ඉරානයට සුබ පතන බවද ඇමරිකානු ජනාධිපති ඩොලන්ට් ට්‍රම්ප් සදහන් කරයි.තවද මෙම යුද්ධය වසර ගණනාවක් ඉදිරියට යා හැකිව තිබූ බවත් එමගින් මුලු මැදපෙරදිගම විනාශ වීමට හැකියාව තිබූ බවත් එය එසේ නොවන බවත් කිසිදා එය සිදු නොවන බවයි.දෙවියන් වන්හන්සේ ඊශ්‍රාලය,ඉරානයට මැද පෙරදිගට අප්‍රිකාවට මෙන්ම මුලු මහත් ලෝකයටම ආශිර්වාද කරන බව සදහන් කරමින් සමාජ්‍ය මාධ්‍ය පණිවිඩය අවසන් කර ඇත.