2025 ජූනි 27 සිකුරාදා, 12:49
නවතම පුවත්

මැදපෙරදිග අර්බුදය මැද ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයෙන් සහනයක් – යළි පිවිසුම් වීසා කාලය දීර්ඝ කෙරේ

මැදපෙරදිග දිග හැරෙන යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි වූ විදේශිකයින්ගේ යළි පිවිසුම් (RE-ENTRY) වීසා කාලය දීර්ඝ කිරීමට PIBA ආයතනය පියවර ගෙන ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කරයි. මෙම තීරණය සියලු ගුවන් සේවා වෙත දැනුම් දී ඇති අතර, ඊශ්‍රායලයට ගුවන් ගමන් යථා තත්ත්වයට පත් වූ පසු ඔවුන්ට කිසිදු බාධාවකින් තොරව පැමිණීමට හැකි වනු ඇතැයි තානාපතිවරයා තහවුරු කළේය.

මේ අතර, මැදපෙරදිගින් ආපසු සියරට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා ද සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතී. ඉන්දීය රජය මගින් ක්‍රියාත්මක කරන අම්මාන් ගුවන්තොටුපොළේ සිට නවදිල්ලිය බලා පිටත්වීමට නියමිත ගුවන් යානයක ගමන් කිරීමට ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව තානාපති බණ්ඩාර සඳහන් කළේය. මෙම ගුවන් යානය එළඹෙන 25 වැනි දින ගමන් කිරීමට නියමිතයි. තවද, ඉදිරි දින කිහිපය තුළ ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට තවත් ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින අතර, මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති පිරිස 5 දෙනෙකු බව ද තානාපතිවරයා පැවසීය.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පූර්ණ සටන් විරාමයකට එකඟ වූ බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළද, මෙම නව ප්‍රවණතාව පිළිබඳව ඊශ්‍රායල් රජය විසින් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති බව නිමල් බණ්ඩාර අවධාරණය කළේය. කෙසේ වෙතත්, ඉරානය සහ ඊශ්‍රායලය අතර යෝජිත සාම ප්‍රයත්නය සාර්ථක වුවහොත්, ඊශ්‍රායලයේ කටයුතු සුපුරුදු පරිදි කරගෙන යාමට හැකිවනු ඇතැයි තානාපතිවරයා විශ්වාසය පළ කරයි.

නවතම පුවත්

web 07
වතු කම්කරු වැටුප් රු.1,700 දක්වා වැඩි කිරීමට රජයේ උත්සහයක්
වතු කම්කරු වැටුප්...
Web image new template new (1)-Recovered-Recovered
විශ්වවිද්‍යාල සිසුවෙකු අතුරුදහන්
කොළඹ වරාය නගරයේ...
Web image new template new (1)-Recovered-Recovered
නාමල් රාජපක්ෂගේ රුපියල් මිලියන 70 ක රග්බි ප්‍රවර්ධන නඩුව කල් යයි.
අද (27) පාර්ලිමේන්තු...
web 05
සමලිංගික විවාහය අපරාධයක් නොවේ පනත් කෙටුම්පත - ඉක්මනින් සම්මත කරන්න
සමලිංගික විවාහය...

උණුසුම් පුවත්

web 07
වතු කම්කරු වැටුප් රු.1,700 දක්වා වැඩි කිරීමට රජයේ උත්සහයක්
වතු කම්කරු වැටුප්...
web 05
සමලිංගික විවාහය අපරාධයක් නොවේ පනත් කෙටුම්පත - ඉක්මනින් සම්මත කරන්න
සමලිංගික විවාහය...
web 04
හිටපු අමාත්‍ය පිල්ලෙයාන්ට ඝාතන පහකට චෝදනා - CID පුළුල් විමර්ශන
හිටපු අමාත්‍ය පිල්ලෙයාන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
ජ'පුර බාහිර උපාධි සිසුන්ගේ හඬ: රජයේ අවධානයට!
පසුගිය දින කිහිපය...

දේශපාලන

web 07
වතු කම්කරු වැටුප් රු.1,700 දක්වා වැඩි කිරීමට රජයේ උත්සහයක්
වතු කම්කරු වැටුප්...
Web image new template new (1)-Recovered-Recovered
නාමල් රාජපක්ෂගේ රුපියල් මිලියන 70 ක රග්බි ප්‍රවර්ධන නඩුව කල් යයි.
අද (27) පාර්ලිමේන්තු...
web 05
සමලිංගික විවාහය අපරාධයක් නොවේ පනත් කෙටුම්පත - ඉක්මනින් සම්මත කරන්න
සමලිංගික විවාහය...
Web image new template new (1)-Recovered-Recovered
මාලිමා මන්ත්‍රී දෙදෙනෙක් පැහැර ගනියි
අද (27) ජාතික ජන...

Categories