2025 අගෝස්තු 15 සිකුරාදා, 08:43
නවතම පුවත්

මැතිවරණ වියදම් වාර්තා ලබා නොදුන් සීලරතන හිමි ඇතුළු අපේක්ෂකයන් තිදෙනෙක්ට නඩු

මෙවර ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් තිදෙනෙකු සිය වාර්තාවන් ලබා දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න හා අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අපේක්ෂකයන් සහ ඔවුන්ගේ නාම යෝජනා කළ ඡන්ද හිමියන් මෙසේ අදාළ ආදායම් වියදම් වාර්තා වෙන වෙන ම සකස් කර භාර දී නොමැති බවයි එම කොමිසම ප්‍රකාශ කරයි.

මෙලෙස සිය මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන් පිළිබඳ විස්තර පොලිසියට භාර දෙන බවත් නීතිපති උපදෙස් අනුව ඔවුනට විරුද්ධව 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව කටයුතු කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කර ඇත්.

පනතට අනුව එවැනි වරදක් සඳහා දඬුවම රුපියල් 100,000ක දඩයක්.

මැතිවරණ වියදම් නියාමන පනත ප්‍රකාරව මැතිවරණ කොම්ෂන් සභාව වෙත සිය මැතිවරණ ප්‍රචාරක ආදායම් වියදම් වාර්තා ලබා දීමට ලබා දුන් කාලය 13 වන දා මධ්‍යම රාත්‍රී 12:00න් අවසන් වුණා.

අපේක්ෂකයන් ආදායම් වියදම් වාර්තා ලබා දී ඇතත් එම අපේක්ෂකයන්ගේ පිළිගත් දේශපාලන පක්ෂයේ ලේකම්වරුන් හෝ නාම යෝජනා කළ ඡන්ද හිමියන් 7ක් ද එලෙස ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බවයි එම කොමිසම සඳහන් කළේ.

එම ලේකම්වරුන් අතර ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, සමබිම පක්ෂයේ ලේකම්වරුන් සිටින අතර අපේක්ෂකයා නාම යෝජනා කළ ඡන්ද හිමියන් ලෙස චන්න ලලින් වික්‍රමසිංහ, එච්.එම්. අසිත බණ්ඩාර, අර්වනා රණතුංග යන අය ඒ අතර සිටිනවා.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories