මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟ කළ අපේක්ෂකයින් සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය අදින් අවසන් වීමට නියමිතව තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද (13) දා පස්වරු 03න් එම කාලය අවසන් වන අතර,
මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා ලබා දිය යුතුය.
කෙසේ වෙතත් පසුගිය දා අවසන් වු ජනාධිපතිවරණයට ඉදිරිපත් වු අපේක්ෂකයින් 38 දෙනාගෙන් මේ දක්වාත් වියදම් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයින් 18 දෙනෙකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
ඒ අනුව ඉදිරිපත් වු සෙසු අපේක්ෂකයින් අද දිනයේ සිය වියදම් වාර්තා ලබා දෙනු ඇති බවට විශ්වාස කරන බව මැතිවරණ කොමිසම පැවසීය.
එසේම වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ වියදම් නියාමන පනතට අනුව සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය