ජනාධිපතිවරණයට අදාළව ගත වූ පැය විසි හතර තුළ තවත් මැතිවරණ පැමිණිලි 156ක් ලැබී ාඇති බව වාර්තා වනවා
ඒ අනුව ලැබි ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 4737ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම පැමිණිලි පසුගිය ජූලි මස 31 වනදා සිට ඊයේ (17) දිනය දක්වා ලැබි ඇති බව සඳහන්.
ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1438ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 3299ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.
ඉන් පැමිණිලි 4602 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී තිබෙනවා.
දින දින ඉහළ යන මැතිවරණ පැමිණිලි ලැබී තිබෙන පැමිණිලි අතරින් පැමිණිලි 4209ක් විසඳහා ඇති අතර පැමිණිලි 528ක් පිළිබඳව ක්‍රියා කරමින් පවතිනවා.