මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් 11 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ අත්පත්‍රිකා බෙදාහැරීම, පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය, සැකකරුවන් මුදා ගැනීමට පොලිස්ථාන තුළ කළහකාරී ලෙස හැසිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි.
මැතිවරණ නීතී කඩ කිරීම සම්බන්ධයෙන් ආධාරකරුවන් 353 දෙනෙක් අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන 11 වනදා මධ්‍යම රාත්‍රි 12.00න් අවසන්වීමට නියමිතව ඇත