මැණික්හින්න පොලිස් ස්ථානාධිපති ඇතුලු නිලධාරීන් පිරිසකට මරණ තර්ජන කොට මන්නා පිහියකින් පහරදීමට උත්සාහ කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුව මේ මස 07 බන්ධනාගාර ගත් කොට තිබේ.
මැණික්හින්න පොලිස් වසමට අයත් දැලිවලතැන්න ප්‍රදේශයේ පවත්වාගෙන් යන ලද සජබ මැතිවරණ කාර්‍යාලයක් 3 වන දින රාත්‍රී 12න් පසුවත් පවත්වාගෙන් යාම පිලිබද තොරතුරකට අනුව පොලිසිය එම කාර්‍යාලයට ගොස් ඇති අතර එම මොහොතේදී මෙම ගැටුම ඇති වී ඇත.