පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂවල ලේකම්වරු සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ප්‍රධාන නියෝජිතයින් අද (21) මැතිවරණ කොමිසමට කැඳවා තිබෙන අතර මැතිවරණ කොමිසම සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයේදී පක්ෂ ලේකම්වරුන් සහ නිරීක්ෂණ සංවිධාන ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි .
එසේම ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද අද මැතිවරණ කොමිසම රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.