පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දා දිනය වන විට නිකුත් කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වන විට සියලු දිස්ත්‍රික්කවල මනාප අංක මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවටය.
එම මනාප අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව කඩිනමින් යළිත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඒ අනුව අද (15)දා සහ හෙට යන දෙදින තුළ මනාප අංක නිකුත් කිරීමේ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.
අද පෙරවරුවේ අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකු විසින් වැයකළ යුතු මුදල් ප්‍රමාණය පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකිරීමට නියමිතව ඇත.