2026 මාර්තු 18 බදාදා, 04:50
නවතම පුවත්

මැක්ස්වෙල් ද සිල්වාගේ වැඩ තහනම් කරන ලෙස අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ඉල්ලයි

ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිගමන සහ නිර්දේශ අනුව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOCSL) මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ වැඩ තහනම් කරන ලෙස අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ඉල්ලා තිබේ.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ආයතනික සහ පාලන සේවා සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ Jerome Poivey 2024 නොවැම්බර් 11 දින යොමුකරන ලද විද්‍යුත් තැපෑල් ලිපියකින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්ගෙන් ඉල්ලා ඇත්තේ ව්‍යවස්ථාවට අනුව ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා ප්‍රමාදයකින් තොරව සුදුසු පියවර ගන්නා ලෙසයි.

“ඔබගේ ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සමාලෝචනය කර නිර්දේශ ලබා දී ඇති බවත්, නොදන්නා හේතූන් මත එය ඔබේ ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලය විසින් තවමත් සළකා බලා නොමැති බවත් අපට වැටහෙනවා,” යනුවෙන් Jerome Poivey සුබ්‍රමනියම් වෙත යවන ලද ලිපියේ සඳහන් කර ඇත.

Poivey ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව වෙත අනතුරු අඟවන්නේ “මෙම අභ්‍යන්තර පාලන ගැටලු ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මෙහෙයුම්වලට සහ කීර්තිනාමයට බරපතළ ලෙස හානි කර ඇති අතර මෙය ව්‍යවස්ථාවට අනුකූලව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ඉක්මණින් හා වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු කාලයයි, එසේ නොකළහොත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අයිතිය වෙන්කරනු ඇත.” යනුවෙනි.

මේ අතර, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාට එරෙහිව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුව විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුබ්‍රමනියම් කමිටුවේ විධායක මණ්ඩලයෙන් ඉල්ලා ඇත.

“ආචාර ධර්ම කමිටුව විසින් එළැඹෙන තීරණ සහ/හෝ නිර්දේශ සහ/හෝ නිගමන ප්‍රවේශමෙන් සළකා බලා සාකච්ඡා කිරීමෙන් පසුව ගනු ලබන බව සටහන් කිරීමට කැමැත්තෙමි. එබැවින්, ආචාර ධර්ම කමිටුවේ නිර්දේශය ක්‍ෂණිකව ක්‍රියාත්මක නොකිරීමට ඕනෑම හේතුවක් පැහැදිලි සහ ඒත්තු ගැන්වෙන තර්කයක් තිබිය යුතුය. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අපගේ ක්‍රියාවන් සමීපව නිරීක්ෂණය කරන බැවින් ආචාර ධර්ම කමිටුවේ නිර්දේශ බලාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම සඳහා සපයනු ලබන ඕනෑම තර්කයක් රැස්වීමේ දී පැහැදිලිව සටහන් කළ යුතු අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් දැඩි පරීක්ෂාවට ලක් කරන බව මම විධායක මණ්ඩලයට මතක් කරමි,” යනුවෙන් සුබ්‍රමනියම් ප්‍රකාශ කර තිබේ.

“මා දන්නා පරිදි, මහලේකම්වරයා විමර්ශන වාර්තාවේ අඩංගු සොයාගැනීම්වල සත්‍යතාව පිළිබඳ විවාදයක් හෝ/හෝ අභියෝග කර නැත. මේ අනුව, විධායක මණ්ඩලය ආචාර ධර්ම කමිටුවේ නිර්දේශය ක්‍රියාත්මක කිරීමට හුදෙක් බාධා කරන බව පෙනී යයි,” යනුවෙන් සුබ්‍රමනියම් වැඩිදුරටත් පවසා ඇත.

“කෙසේවෙතත්, විධායක මණ්ඩලය විසින් එහි බහුතරයකට අනිසි බලපෑම් කරන එක් පුද්ගලයකු ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියා කරමින්, ආචාර ධර්ම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටින අවස්ථාවක, මට ක්‍රියා කිරීමට බල කෙරෙනු ඇත. ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාවට මෙන්ම රටේ නීතියට අනුකූලව සහ ආචාර ධර්ම කමිටුවේ ඉහත කී නිර්දේශය වහා ක්‍රියාත්මක කරන බවට සහතික වන්න,” යනුවෙන් සුබ්‍රමනියම් විධායක කමිටුවට අවධාරණය කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories