රුපියල් කෝටි 05කට අධික කේරල ගංජා තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි මාන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මීගමුව, පිටිපන ලෙල්ලම ප්‍රදේශයේදී මෙම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් විසින් මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් මෙම ගංජා තොගය ප්‍රවාහනය කර ඇති අතර ලොරි රථයේ සඟවා තිබූ ගංජා කිලෝග්‍රෑම් 200ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
එම ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි පහ හමාරකට අධික බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් දුන්ගල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.