2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 13:47
නවතම පුවත්

මාළිගාවේදී පිංතූර ගත්ත යුවළට නඩු දාන්න බෑ

මහනුවර ශ්‍රී දළදා මාළිගාව තුළ ඡායාරූප ගත් යුවළ කිසිදු වරදක් සිදුකර නැති බවට පොලිස් විමර්ශන මගින් අනාවරණය වී තිබෙන බවත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නොහැකි බවත් මහනුවර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම යුවළ ඡායාරූප ගත් දින උදෑසනම විවාහ වී දළදා මාළිගාව වැඳපුදා ගැනීමට පැමිණ ඇති බවත් ඒ අතරතුර ඡායාරූප ගෙන ඇති අතර එවැනි ඡායාරූප බොහෝ දෙස් විදෙස් සංචාරකයන් ගෙන තිබෙන බවත් කී එම නිලධාරියා ඊට කිසිදු නීතිමය තහනමක් නැති බවද පැවැසුවේය.

මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ මෙය වරදක් බවට ඒත්තු ගන්වමින් සිදුවූ ප්‍රචාරයන් මඩ ගැසීම් බවත් මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන සිදුකර, ඊට අදාළ බී වාර්තාව ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙන බවත් හෙතෙම කීවේය.

මෙම ඡායාරූප ගැනීමේ සිද්ධියට ඉඩ දිම සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑලටද චෝදනා එල්ල වී තිබිණි.

ඒ සම්බන්ධයෙන් දියවඩන නිළමේවරයාගෙන් කළ විමසුමකදී සඳහන් කළේ මෙවැනි සිද්ධිවලට කිසිසේත්ම අවසර නොදෙන බවයි. ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ කරන ලද නිරීක්ෂණවලදී මේ යුවළ මාළිගාව වැඳ පුදා ගැනීමට මහජනතාව පැමිණෙන සාමාන්‍ය වේලාවක පැමිණ ඡායාරූප ගෙන ඇති බවද ඔහු පැවැසුවේය. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් කෙරෙන බවද දියවඩන නිළමේවරයා සඳහන් කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories