2025 අගෝස්තු 16 සෙනසුරාදා, 02:07
නවතම පුවත්

මාළිගාවේදී පිංතූර ගත්ත යුවළට නඩු දාන්න බෑ

මහනුවර ශ්‍රී දළදා මාළිගාව තුළ ඡායාරූප ගත් යුවළ කිසිදු වරදක් සිදුකර නැති බවට පොලිස් විමර්ශන මගින් අනාවරණය වී තිබෙන බවත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නොහැකි බවත් මහනුවර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම යුවළ ඡායාරූප ගත් දින උදෑසනම විවාහ වී දළදා මාළිගාව වැඳපුදා ගැනීමට පැමිණ ඇති බවත් ඒ අතරතුර ඡායාරූප ගෙන ඇති අතර එවැනි ඡායාරූප බොහෝ දෙස් විදෙස් සංචාරකයන් ගෙන තිබෙන බවත් කී එම නිලධාරියා ඊට කිසිදු නීතිමය තහනමක් නැති බවද පැවැසුවේය.

මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ මෙය වරදක් බවට ඒත්තු ගන්වමින් සිදුවූ ප්‍රචාරයන් මඩ ගැසීම් බවත් මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන සිදුකර, ඊට අදාළ බී වාර්තාව ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙන බවත් හෙතෙම කීවේය.

මෙම ඡායාරූප ගැනීමේ සිද්ධියට ඉඩ දිම සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑලටද චෝදනා එල්ල වී තිබිණි.

ඒ සම්බන්ධයෙන් දියවඩන නිළමේවරයාගෙන් කළ විමසුමකදී සඳහන් කළේ මෙවැනි සිද්ධිවලට කිසිසේත්ම අවසර නොදෙන බවයි. ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ කරන ලද නිරීක්ෂණවලදී මේ යුවළ මාළිගාව වැඳ පුදා ගැනීමට මහජනතාව පැමිණෙන සාමාන්‍ය වේලාවක පැමිණ ඡායාරූප ගෙන ඇති බවද ඔහු පැවැසුවේය. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් කෙරෙන බවද දියවඩන නිළමේවරයා සඳහන් කළේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories