මාස 9කට අධික කාලයක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටින නාසා ගගනගාමී දෙදෙනා සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් පෘථිවියට ගොඩ බැස තිබේ. සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් අභ්‍යවකාශයට ගියේ ඔවුන්ගේ අවසන් අභ්‍යවකාශ මෙහෙයුම ආරම්භ කරමිනි. දින 8 ක මෙහෙයුම, මාස 9 ක් වේවි යැයි ඔවුන් සිහිනෙකින්වත් සිතුවේ නැත.
විලියම් සහ විල්මෝර් යළි පැමිණියේ නාසා ආයතනය සමඟ සම්බන්ධ වී සිටින, ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ සමාගමේ ‘ඩ්‍රැගන්’ ගගන කැප්සියුලයේ ආධාරයෙන් වන අතරම කැප්සියුලය ඇමෙරිකාවේ වේලාවෙන් සවස 5.57 ට පැරෂූට් ආධාරයෙන් ෆ්ලොරීඩාවට ඔබ්බෙන් මුහුදට පතිත කෙරුණි. ඒ, විලියම් සහ විල්මෝර්ගේ අවසන් ගගන මෙහෙයුම දින 268 කට පසු අවසන් කරමිණි.
විලියම් සහ විල්මෝර් ආපසු පැමිණියේ තනිවම නොව, එම කැස්පියුලයෙන් අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය ඇමෙරිකන් සහ රුසියන් ගගනගාමීන් දෙදෙනකු ද සමඟය. ‘ඩ්‍රැගන්’ කැප්සියුලයේ ඉඩ පහසුකම් ඇත්තේ ගගනගාමීන් සිවු දෙනකුට පමණි.