2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:00
නවතම පුවත්

මාස නමයකින් පඩි ගෙවල නෑ – චීන පොර්ට්සිටියේ විරෝධතා

කොළඹ වරාය නගරයේ සේවයේ නියුතු සේවකයන් පිරිසක් පසුගිය මාස 9ක කාලය තුළ වැටුප් නොගෙවූ බව පවසමින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

විරෝධතා පුවරු අතැතිව සේවකයෝ ඊයේ කොළඹ වරාය නගර පරිශ්‍රය තුළ නිහඬ විරෝධතාවක නිරතවූහ.

විරෝධතාකරුවන් චෝදනා කළේ, චීනයේ පෝට් හාබර් සමාගම යටතේ තමන් සේවයේ යොදවා ඇති සමාගම විසින් මාස ගණනාවකින් වැටුප් ලබානුදුන් බවයි.

“ඔවුන් අද නැත්නම් හෙට අපිට ගෙවනවා කියලා දිගින් දිගටම කියනවා. මාස 08ක 09ක කාලයකින් ඔවුන් අපට වැටුප් ගෙවා නැහැ. අපි අපේ කාර්ය මණ්ඩලයට ගෙවන්නේ කොහොමද? අපි අපේ පවුල් නඩත්තු කරන්නේ කොහොමද? අපට අවශ්‍ය මේ ප්‍රශ්නයට වහා විසඳුමක්” යැයි ඔවුහු ජනමාධ්‍ය වෙත පැවසූහ.

කොළඹ වරාය නගරයේ සේවය කරන විවිධ සමාගම්වල සේවකයන් 300 ත් 400 ත් අතර පිරිසකට වැටුප් ගෙවා නොමැති බව විරෝධතාකරුවෝ අනාවරණය කළහ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories