2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 18:02
නවතම පුවත්

මාස අටක් තුළ ඉපැයූ , රේගු ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා වෙයි .

රේගුවෙන් බිලියන 1000ක ආදායමක් වාර්තා වෙයි . රටේ නිල සංචිත වත්කම් ප්‍රමාණයත් ඉහළට .

මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 1000ක ආදායමක් උපයා ගැනීමට රේගුව සමත්වී තිබෙනවා.

එය මාස 08ක කාලය තුළ රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළම ආදායම බවයි, රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා ප්‍රකාශ කළේ.

2024 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද තහවුරු කර ඇත්තේ රුපියල් බිලියන 1534ක්.

කෙසේ වෙතත් මේ වසරේ මාස 08ක් අවසන් වන විට බිලියන 1000ක ආදායම් ඉලක්ක ළගා කර ඇති හෙයින් ඉදිරි මාස 04 තුළ වසරේ අපේක්ෂිත ඉලක්කය වෙත ළගා විය හැකි බවයි අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ.

මීට පෙර ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාව හිමිකරගත්තේ පසුගිය 2023 වර්ෂයේදීයි. එම වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 975ක් වනවා.

සාමාන්‍යයෙන් සමස්ත රේගු ආදායමින් 25%-30%ත් අතර අගයක් වාර්තා වන්නේ මෝටර් රථ ආනයනය මතයි.

කෙසේ වෙතත් එම අගය මෙම වසරේ දෙකෙහිදීම මෝටර් රථ ආනයනය සීමා කර ඇති හෙයින් 6%ටත් අඩු අගයක පවතින බව ද සරත් නෝනිස් මහතා අවධාරණය කළා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය පසුගිය මාසයට වඩා සියයට 5.3ක වර්ධනයක් බවයි, ශ්‍රී ලංකා මහ බැංකුවේ සඳහන් කළේ.

මෙරට ඇති විදේශ විනිමය සංචිතය අගෝස්තු මාසය තුළදී ඩොලර් මිලියන 5,577 සිට ඩොලර් මිලියන 5,912 ක් දක්වා ඉහළ ගොස් ඇති එය පසුගිය මාසයට සාපේක්ෂව සියයට 6ක වර්ධනයක් වනවා.

ඊට අමෙරිකානු ඩොලර් බිලියන 1.4කට සමාන චීනයෙන් ලද විදේශ හුවමාරු පහසුකම් ලැබීම් ද ඇතුළත්.

එය භාවිත කිරීමේදී කොන්දේසිවලට යටත් වන බවයි මහබැංකුව වැඩිදුරටත් සඳහන් කළේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories