2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:32
නවතම පුවත්

මාර්තුවේ සංචාරක ආදායම ඩොලර් බිලියනය පනියි

2025 වසරේ මුල් මාස 03 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,122.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබෙන ඩොලර් මිලියන 354ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයත් සමග මෙලෙස 2025 මුල් මාස තුනෙහි සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් බිලියනය සීමාව ඉක්මවා ගොස් ඇත.

මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2024 මුල් මාස 03හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,025.9 හා සැසඳීමේ දී මෙය 9.4%ක වර්ධනයක් බවයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2025 මුල් මාස 03 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 722,276 කි. මේ අනුව එක් සංචාරකයෙකුගෙන් ලද ඉපැයීම් ප්‍රමාණය ඩොලර් 1,553.83ක් පමණ වේ.

2024 වසරේ මුල් මාස 03 තුළ ඩොලර් මිලියන 1,025.9ක් උපයා ඇත්තේ විදෙස් සංචාරකයින් 635,784 ක් පැමිණීමත් සමඟිනි.

ඒ අනුව එම කාලපරිච්ඡේදය තුළ එක් සංචාරකයෛකුගෙන් ලද ඉපැයීම ඩොලර් 1,613.59 ක් ලෙසින් ගණනය කළ හැකිය.

මේ අනුව 2025 මුල් කාර්තුව තුළ සංචාරක පැමිණීමේ සහ සංචාරක ඉපැයීම්වල වාර්ෂික පදනම මත ඉහළ යාමක් වාර්තා වුවද, එක් සංචාරකයෙකුගෙන් ලබන ඉපැයීම් හි පහළ යාමක් නිරීක්ෂණය කළ හැකිවේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories