2025 අගෝස්තු 17 ඉරිදා, 12:28
නවතම පුවත්

මාර්ග ආරක්ෂාවට නව පියවරක්. බස් රථ රියදුරන්ට ආසන පටි අද සිට අනිවාර්යයි!

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තවත් පියවරකින් ඉදිරියට ගෙන යමින්, බස් රථ රියදුරන් ආසන පටි පැළඳීම අද (ජූලි 01) සිට අනිවාර්ය බවට ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කර ඇත. මෙම නීතිය කඩ කරන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෝටර් රථ පනතේ ප්‍රතිපාදනවලට අනුව, බස් රථ රියදුරන් ආසන පටි පැළඳීම කලක සිට අනිවාර්ය වී තිබුණත්, බොහෝ රියදුරන් පසුගිය කාලය පුරා එය නොසලකා හැර තිබුණි. මෙම නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුවූ මාර්ග අනතුරු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමක් වාර්තා වීම බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබුණි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මාර්ග අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙම නීරීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ .

එපමණක් නොව, බස් රථ සහ ත්‍රිරෝද රථ ඇතුළු අනෙකුත් වාහනවල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ද අද සිට යළි ආරම්භ කරන බව පොලිසිය ප්‍රකාශ කරනවා. මෙම පියවරයන් මගින් මාර්ග අනතුරු අවම කර ගැනීමටත්, මගී ප්‍රවාහනය වඩාත් ආරක්ෂිත කිරීමටත් අපේක්ෂා කෙරේ .

මෙම නව නීති රීතිවලට අනුකූලව කටයුතු කිරීමෙන්, වඩාත් ආරක්ෂිත මාර්ග පරිසරයක් නිර්මාණය කිරීමට සියලුම රියදුරන් සහ මගීන් දායක වනු ඇතැයි අපේක්ෂා කරමු.

නවතම පුවත්

kashmeeraya
කාශ්මීර ගංවතුරෙන් දිවි අහිමි වූවන් 300 පනී
පාකිස්තානයේ සහ පාකිස්තාන...
ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...

උණුසුම් පුවත්

ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories