2026 මාර්තු 20 සිකුරාදා, 06:45
නවතම පුවත්

මාර්ග ආරක්ෂාවට අදාළ නීති තදින් ක්‍රියාත්මක කරනවා

මගී ආරක්ෂාව සහ රථවාහන විනය පිළිබඳව පවතින නීති ක්‍රියාත්මක කිරීමේදී පවතින බාධා නොසලකා නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක මහතා පවසයි. කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ ඛේදවාචකය මෙන්ම මෑත කාලීනව සිදු වූ රිය අනතුරු ගැන අවධානය යොමු කරන විට මගී ආරක්ෂාව සහ රථවාහන විනය සම්බන්ධයෙන් බරපතළ සාකච්ඡාවක් සමාජය තුළ මතුව ඇති බවත් එහිදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හා බාධාවන් මතු වන බවත් කී ඇමැතිවරයා ඒවා නොසලකා මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය බවත් ප්‍රකාශ කරයි.

කතරගම සිට කුරුණෑගල දක්වා ගමන් කරමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී යාම නිසා සිදු වූ අනතුරින් විසි දෙදෙනෙකුට අධික දිවි අහිමි වී ඇති අතර සෙසු තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා නුවරඑළිය, ගම්පොළ, කොත්මලේ සහ නාවලපිටිය යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා එදින ම සවස එම අනතුර සිදු වූ ස්ථානයටත්, එම අනතුරින් තුවාල ලැබූ මගීන්ගේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳව සොයා බැලීමටත් අගමැතිනිය සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා සමඟ එම ප්‍රදේශයට ගිය අතර අනතුරට ලක් වූවන් සමඟ සමීප කතා බහකද නිරත විය. එමෙන් ම ඒ අයට අවශ්‍ය සියලු පහසුකම් සොයාබැලීම් ද නොකඩවා කරන ලෙස අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ කථානායකවරයා ඇතුළු බලධාරින් පිරිසක් උදය වරුවේ ම අනතුර සිදු වූ ස්ථානයට සම්බන්ධ වූ අතර, මියගිය සහ තුවාල ලැබූ අය පිළිබඳව ද, තුවාලකරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීම පිළිබඳවද දිගින් දිගටම තවමත් මැදිහත් වෙමින් සිටිති.

තව ද මෙම අනතුරෙන් දිවි අහිමි වූ සියලු දෙනාට ජනාධිපති අරමුදල මඟින් එක් අයෙකුට රුපියල් මිලියනයක් බැගින් වූ මුදලක් ලබා දීමට තීරණය කර ඇති අතර මෙම බස් රථය රක්ෂණය කර ඇති රක්ෂණ සමාගමෙන් බස් රථයේ ගමන් ගත් මියගිය සහ තුවාල ලැබූ සියලු දෙනාට හිමි විය යුතු රක්ෂණ වන්දි කඩිනමින් ලබා දීම සඳහා මැදිහත් වන බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories