ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනය කරන්නේ ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (e-Revenue License) ලබා දීමේ පද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිත වී ඇති බවයි.පසුගිය ජූලි 3 වනදා සිට ඇති වූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් අත්හිටුවා ඇති බව ICTA සඳහන් කරයි.ඒ අනුව, මෙම සේවාවන් එළඹෙන ජූලි 9 වන දින දක්වා ක්‍රියා විරහිතව පවතිනු ඇත.ක්‍රියා විරහිත වී ඇති මෙම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට ICTA කටයුතු කරමින් සිටින අතර, සේවාවන් යථා තත්ත්වයට පත් වූ පසු මේ සම්බන්ධව නිල වශයෙන් නිවේදනය කරන බවද එම ආයතනය වැඩිදුරටත් දැනුම් දෙයි.